සිකුරාදා, 26 ජූලි 2024 11:42

ජනපති රනිල් ස්වාධීන අපේක්‍ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි.. Featured

මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග වදින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි ඔහු ගේ නියෝජිත ලෙස ජනාධිපති නීතිඥ රොනෙල් පෙරේරා මහතා මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී.

ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින බවත් හෙතෙම සදහන් කලේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 ජනාධිපතිවරණය කැඳවීමට අදාළ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා බාර ගැනීම අගෝස්තු 15 වැනිදාත් ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙයි.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website