ඉරිදා, 28 ජූලි 2024 09:22

පාර්ලිමේන්තුව කෝටි 23 ක කාලා Featured

ඉකුත් 2023 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශතඅනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.

පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහක මුදලක් (2,573,025) වැය කර තිබුණි. ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව මිල ගණන් කැඳවා එම භාණ්ඩ මිල දී ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 91කට සහ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ට හා කාර්යමණ්ඩලයේ 3,71,192 දෙනකුට භෝජනාගාර පහසුකම් සපයා තිබුණි.

මෙම තොරතුරු අනාවරණය වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවේ ය.

ලලිත් චාමින්ද

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website