සදුදා, 29 ජූලි 2024 08:46

පොලිස්පතිවරයා ගැන ගැටලුව කථානායක සහ අගවිනිසුරු එක්ව විසඳා දිය යුතුයි Featured

ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන්න උපරිම සහාය දෙනවා - ජනපති රනිල් හෝමාගමදී කියයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාරවරයාත් සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කරන ලද්දේ ඊයේ පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාට වෙන වෙනම දුරකතනයෙන් කතා කරමිනි. පොලිස්පතිවරයාගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා මේ දෙදෙනාට තවදුරටත් දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

හෝමාගම රැළියේ ජනපතිගේ කතාව 7 වැනි පිටුවේ පළ වේ.

DMN

Last modified on සදුදා, 29 ජූලි 2024 13:24

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website