අඟහරුවාදා, 30 ජූලි 2024 08:14

මාලිමාවේ පරිවර්තන යුගය ඇරැඹේ Featured

මෙරට පළමු ජනාධිපතිවරණය පැවැත්වූ 1982 වසරේ සිට කිසිදු ජනාධිපතිවරණයක දී අපේක්ෂකයෙක් සිදු නොකළ ක්‍රමවේදයක් අනුගමනය කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (28) ආරම්භ කළේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පවත්වන ලද රැස්වීම සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම සහ ඒ සඳහා රාජකාරි නිවාඩු ලබා, නිදහස් ගමන් බලපත්‍රයෙන් පැමිණීම මෙහි ඇති විශේෂත්වයය. ශ්‍රී ලංකාවේ මෙතෙක් ජනාධිපතිවරණ අටක් පවත්වා ඇති අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂකත්වය හිමි පුද්ගලයාගේ මෙම නව ක්‍රමය එම කිසිදු ජනාධිපතිවරණයක දී අනුගමනය කර නැත. වෘත්තීය නිල ඇඳුමින් සැරසී දේශපාලන කටයුතුවල යෙදීම රාජ්‍ය සේවකයන් වෙත තහනම් වන අතර, ආයතන සංග්‍රහයේ xxv පරිච්ඡේදයේ 2:1 උප වගන්තිය ප්‍රකාරව රාජකාරී නිවාඩු ලබා සහ නිදහස් ගමන් බලපත්‍රයෙන් රාජ්‍ය සේවකයන් වෙත සහභාගී විය හැක්කේ, සිය වෘත්තිය සමිතියේ වාර්ෂික සම්මේලනය සඳහා පමණි. එසේ තිබිය දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ක්‍රම වෙනස ආරම්භ කරමින්, රාජ්‍ය සේවකයන් නිල ඇඳුමෙන් සැරසී, රාජකාරි නිවාඩු ලබා, නිදහස් ගමන් බලපත්‍රයෙන් මෙසේ සිය දේශපාලන රැස්වීම සඳහා සහභාගි කරගෙන තිබේ.

හෙද සේවා වෘත්තිය නිල ඇඳුම මහජන මුදල් වැය කර එම වෘත්තියට ලබාදෙන වරප්‍රසාදයකි. එවැනි තත්ත්වයක් තුළ එම නිල ඇඳුම දේශපාලන කාර්යයන් සඳහා යොදා ගැනීම ආයතන සංග්‍රහය සහ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වුවද ජාතික ජන බලවේගය විසින් එතෙක් නොපැවැති ක්‍රමයක් අනුගමනය කරමින් ක්‍රම වෙනස මැතිවරණය ආරම්භයේදීම හඳුන්වා දී තිබුණි.

මෙම රැස්වීම අමතමින් කතා කළ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, නව පරිවර්තනයකට රට ගෙන යාමට තමන් සූදානම් බවය.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website