බදාදා, 31 ජූලි 2024 10:01

පොලිස්පති ධුරය ගැන කථානායක පැමිණි පසු විශේෂ හමුවක් Featured

-ජනපති තීරණය කරයි

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අත්හිටුවා ඇති පසුබිමක පොලිස් පරිපාලන අංශ ප්‍රධානියකු ද නොවීමෙන් ඇති වී තිබෙන අර්බුදය විසඳීමට පොලිස් පරිපාලන අංශය භාර පොලිස් ප්‍රධානියකු පත් කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇත.

පොලිසියේ ස්ථාන මාරු වීම්, පත් කිරීම් ඇතුළු කටයුතු ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් සිදු කළ යුත්තේ පොලිස්පති විමසා බැවින් මේ මොහොත් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ පරිපාලන අංශ ප්‍රධානියකු පත් කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය ගැන විමසීමක් නීතිපතිවරයාගෙන් කර ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ විශ්වාස කටයුතු තොරතුරු අනාවරණය කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව අනිවාර්ය නිවාඩු යවන්නේ පසුගිය 18 වැනිදාය. ඒ තුළින් ඇති වූ පුරප්පාඩුව පිරවීමට මත්තෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරය දැරීම පසුගිය 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අත්හිටුවනු ලැබීය.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website