බදාදා, 31 ජූලි 2024 10:26

මන්ත්‍රීලා 100ක් හිටියත් පොහොට්ටුවේ රැස්වීමට ආවේ 18යි – ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29දා) කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයක් ඉන්න පක්‍ෂයෙන් සහභාගි වූයේ දහඅටදෙනකු පමණක් බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පැවැසීය

පළාත් සභා මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් සිටින නමුත් පැමිණ ඇත්තේ පස්දෙනකු යැයි ද එවැනි රැස්වීමකදී වෙනම ජනපති අපේක්‍ෂකයකු තරග බිමට ප්‍රවේශ කිරීමට ගත් තීන්දුව දේශපාලන නාට්‍යයක් බව ද ඔහු කීය.

එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමී ව්‍යසනකාරී තීන්දුවක් බවත්, එය නිවැරදි කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු කීය.

මේ වෙලාවේ පොහොට්ටුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුවී නැති බව කී රාජ්‍ය ඇමැතිවරයා, එස්. එම්. චන්ද්‍රසේන හා ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට සහාය දීමට ගත් තීන්දුව මෙන් සෙසු බහුතරයත් ඉදිරියේදී ජනාධිපතිවරයා දිනවීමට ක්‍රියා කරනු ඇතැයි ද පැවැසීය.

රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ද එහිදී අදහස් දැක්වීය.

චමින්ද සිල්වා

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website