බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:14

ජනපතිවරණයට පෙර දූෂණ විරෝධී කෙටුම්පත කැබිනට්ටුවට ගන්න එපා Featured

-තරුණ මන්ත්‍රීවරයෙක් ජනපතිගෙන් ඉල්ලයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ දිනවල කතාබහට ලක්ව සිටින තරුණ මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ ඉදිරි දෙසතිය ඇතුළත දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සම්පූර්ණ කර පවතින පසුබිම යටතේය. මෙම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉකුත් දිනක දුරකතන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරණයට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව මීට පෙර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website