සිකුරාදා, 02 අගෝස්තු 2024 11:19

යෝෂීඩා ජාත්‍යන්තර පෙර පාසලේ උත්කර්ෂවත් ලෙස පවත්වයි Featured

ලෝකයේ දියුණුතම පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන සම්ප්‍රදාය පවතින ජපානයේ පෙර පාසල් අධ්‍යාපනය පදනම් කර ගනිමින් 1979 ශ්‍රී ලංකාවේ ආරම්භ කළ  ජපන් පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙර පාසල වන යෝෂීඩා ජාත්‍යන්තර පෙර පාසලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය  පසුගියදා (30) එම විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.

ජපානයේ මහා දානපති, බෞද්ධ මහෝපසිකා තකීකෝ යොෂීඩා මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්,  ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් ආරම්භ කළ යොෂීඩා ජාත්‍යන්තර පාසලේ  2024 වාර්ෂික ක්‍රීඩා උත්සවය මෙවර පැවැත් වුණේ  අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ එම පාසල් සමූහයේ  අධ්‍යක්ෂිකා අම්බපාලි සිකුරාජපති මහත්මියගේ  ප්‍රධානත්වයෙනි. 

මෙහි දී පෙර පාසලේ  ඉගෙනුම ලබන දරුවන්ගේ ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම ආශ්‍රිත ප්‍රාසාංගික ප්‍රසංගයක් සහ ක්‍රීඩා තරග රැසක් හා ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැති බව යෝෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website