සෙනසුරාදා, 03 අගෝස්තු 2024 12:44

මැද පෙරදිග තත්ත්වයෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය බිද වැටෙයි..? Featured

හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වුවහොත් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලය බිද වැටිය හැකි බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසීය.

ඒ අනුව ඉන් ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑම් එල්ලවනු ඇතිබව පැවසීය.

 

ඉන්ධන ඇතුළු අනෙකුත් භාණ්ඩ හා සේවා සැපයුම් දාමයට බලපෑම් ඇතිවීම හරහා සෑම ශේත්‍රයකම බිද වැටීම් සිදුවිය හැකිය.
කොරෝනා වසංගත සමයේ ඇතිවූයේ එවැනි තත්වයකි.

 

ගැටුම් උත්සන්න වුවහොත් අපනයන කටයුතු සඳහාද දැඩි බලපෑම් ඇතිවිය හැකිය.

 

එපමණක් නොව මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අනර්ථකාරි තත්වයක් උදා වන බව වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website