ඉරිදා, 04 අගෝස්තු 2024 09:51

ශ‍්‍රී ලංකාව වනාන්තර 30%ක් ඇති ලොව මුල් රටවල් තුන අතරට.. Featured

වන ගහනය 30% පවත්වාගෙන යන ලොව මුල් රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව සහ ජපානය යන රවටල් දෙක පමණක් බව කාරක සභාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී තිබේ.

ලෝක‍යේ රටවල් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් බව පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් නොකිරීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගෙන් විමසා තිබේ.

2018 වන විට හෙක්ටයාර මිලියන 01.4 ක පමණ වනාන්තර ගැසට් කර ඇති බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකළ වනාන්තර හෙක්ටයාර දෙලක්ෂ පනස්දහසක් පමණ පවතින බවත් ඊට පිළිතුරු ලබාදෙමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේය.

ඒ අනුව එම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී කාරක සභාව උපදෙස් ලබාදී තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website