බදාදා, 01 මාර්තු 2023 21:06

අද (01) මැදියම් රැයේ සිට භූමිතෙල් මිල පහළට Featured

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල ගණන් පහළ දමා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ, ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් පහළ දමා ඇති බවයි.

ඒ අනුව රුපියල් 355 ක් වූ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 305 ක් වනු ඇති අතර ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 134 කින් පහත දමා තිබේ.

ඒ අනුව රුපියල් 464 ක් වූ කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 330 ක් වනු ඇත.

කෙසේ වෙතත් පෙට්‍රල් හා ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධන මිලෙහි වෙනසක් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website