අඟහරුවාදා, 06 අගෝස්තු 2024 17:38

ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවට ප්‍රබල තරුණ නායකයෙක් !! Featured

නම් කිරීම හෙට උදේ හතට පොහොට්ටු කාර්යාලයේදී.

අද දින රජයට හිතවත් සමාජ මාධ්‍ය මගින් ධම්මික පෙරේරා මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට පුවත් වාර්තා වූ අතර පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කරනු ලැබුවේ හෙට පෙරවරු හතට යෙදෙන සුබ මොහොතින් පක්ෂයේ නිල අපේක්ෂකයා නම් කරනු ඇති බවයි.

පසුගිය සතිය තුළදී පොදු ජන පෙරමුණේ හිටපු ඇමතිවරු සහ මන්ත්‍රීවරු 58කට ආසන්න ප්‍රමාණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහය දීම සඳහා පක්ෂයේ තීරණයට විරුද්ධව ගොස් එක්සත් ජාතික පක්ෂය වටා ගොඩනැගෙන සන්ධානයට එකතු විය.
ඔවුන් අනුගමනය කරමින් දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කයන්හි පොදු ජන පෙරමුණේ බල මණ්ඩල
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දීමට තීන්දු කරන ලදී.

එහෙත් පක්ෂයේ ස්ථාවරය වූයේ පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුමය බවයි.

මේ සියලු අභියෝග හමුවේ දේශපාලනමය තීන්දුවක් ගත් පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම දැඩි ලෙස කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වර්තමාන පාලනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුළ ලිබරල් පාලනයක් ඇති කිරීමත්, රාජ්‍ය අංශයේ ආයතන 54ක් පමණ පෞද්ගලීකරණය කිරීමත් මහින්ද චින්තනය යටතේ ශ්‍රී ලංකාව තුළ ගොඩ නඟන ලද ජාතිකත්වය සංකල්පයට මකා දැමීමේ ප්‍රතිපත්තයට තමන් විරුද්ධව බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් සහයෝගය දිය නොහැකි බවයි.
මෙම ප්‍රතිපත්තිමය කාරණය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සහ ජනාධිපතිතුමා අතර ගැටුම දේශපාලන කරලියට විවෘත විය.
දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන පරිදි නැවත වතාවක් පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය වෙන්කරන රේඛාවක් නිර්මාණය වූ අතර හැට නව ලක්ෂයක් ඡන්ද ලැබූ පක්ෂය ඡනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීම
නැවත වතාවක් ග්‍රාමීය ප්‍රගතිශීලී ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවකාශයක් ලැබුණ බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී මැති ඇමතිවරු පක්ෂය හැර ගියත් පළාත් සභා ප්‍රාදේශීය සහ නගර සභා ක්‍රියාකාරීන්ගේ සහය ඇතිව මෙම ජනපතිවරණ සටන රට පුරා ව්‍යාප්ත කරන බව ද එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

lankainformation.lk 

Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2024 17:53

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website