බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2024 08:19

ක්ලබ් වසන්ත ඝාත­න­යට දක්ෂිණ අධි­වේගි සේවා පියසේ වැඩ පරී­ක්ෂ­ක­ මාට්ටු Featured

සැක­කරු ලොකු පැටීගේ මස්සිනා

අතු­රු­ගි­රි­යේදී ක්ලබ් වසන්ත ඉලක්ක කර­ගෙන එල්ලවූ පාතා­ලයේ ප්‍රහා­ර­යට අවශ්‍ය ගිනි අවි ප්‍රවා­හ­නය කිරී­මට වෑන් රථ­යක් සපයා දෙමින් වෙඩි­ක්ක­රු­වන්ට නවා­තැන් ගැනී­මට නිවෙ­සක් සොයා දීමට මැදි­හත් වූ බව කියන දක්ෂිණ අධි­වේගි මාර්ගයේ සේවා පියසේ වැඩ පරී­ක්ෂ­ක­ව­ර­යකු ලෙස සේවයේ නිරත පුද්ග­ල­යකු බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මෙම ඝාතන සැල­සුමේ මහ මොළ­ක­රු­වකු ලෙස හඳු­නා­ගෙන සිටින ලොකු පැටීගේ මස්සිනා වන මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පෙරේදා (06)ය.

වයස අවු­රුදු 36ක් වන ඔහු දර්ගා නගර්හි පදිං­චි­ක­රු­වකු බව පොලි­සිය කියයි. ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ද දක්ෂිණ අධි­වේගී මාර්ගයේ වැලි­පැන්න සේවා පිය­සේ­දීය.

මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් හෙළිවී ඇත්තේ අතු­රු­ගි­රියේ වෙඩි තැබී­මට යොදා­ගත් ගිනි අවි අම්බ­ල­න්ගොඩ සිට අතු­රු­ගි­රි­යට රැගෙන ගොස් ඇති බවය. දක්ෂිණ අධි­වේගි මාර්ගය ඔස්සේ වෑන් රථ­ය­කින් මෙම අවි ප්‍රවා­හ­නය කර ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ. එම අවි ප්‍රවා­හ­නය කළ වෑන් රථය සපයා ඇතැයි පැව­සෙන්නේ මෙම සැක­කරු විසිනි. ලොකු පැටී විසින් විදේ­ශ­යක සිට ලබා­දුන් දුර­ක­තන ඇම­තු­ම­කට අනුව වෑන් රථය මේ සඳහා සොයා දී ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත. එම රථය කුලී වෑන් රථ­යක් බව පොලි­සිය කියයි.

වෙඩි­ක්ක­රු­වන් දින කිහි­ප­යක් තිස්සේ නවා­තැ­න්ගෙන ඇතැයි අනා­ව­ර­ණය වන්නේ අතු­රු­ගි­රියේ පිහිටි කුලී නිවෙ­ස­කය. එම කුලී නිවෙස ලබා ගැනී­මට ද මැදි­හත්වී ඇතැයි පැව­සෙන්නේ මෙම පුද්ග­ලයා බව පොලි­සිය කියයි.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙ­නකු ඝාත­නය කර සිව්දෙ­න­කුට තුවාල සිදු කළ පාතා­ලයේ වෙඩි­ක්ක­රු­වන් සෙල්ල­ක­ත­ර­ග­මට පලා ගොස් තිබු‍ණේ බස් රථ­ය­කිනි. එම බස් රථය ද මේ වන විට බස්නා­හිර පළාත් දකුණු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් සොයා­ගෙන පෙරේදා (06) අතු­රු­ගි­රිය පොලිස් ස්ථාන­යට භාරදී ඇත.

මෝටර් රථ­ය­කින් පැමිණ වෙඩි තැබී­මෙන් අන­තු­රුව වෙඩි­ක්ක­රු­වන් පලා ගොස් ඇත්තේ නව­ග­මුව දෙස­ටය. එහිදී මෝටර් රථය අත­හැර වෙඩි­ක්ක­රු­වන් මගී බස් රථයේ ද මෝටර් රථයේ රියැ­දුරු වෑන් රථ­යක ද නැඟී පලා ගොස් තිබිණි.

බස් රථය සෙල්ල­ක­ත­ර­ගම දක්වා ගොස් ඇති බව හෙළි­කර ගත්ත ද එය සඟවා තිබූ බැවින් සොයා ගැනීම පහසු කට­යු­ත්තක් නොවීය. පොලිස් මාධ්‍ය කොට්ඨා­සය ඊයේ නිවේ­ද­නය කරනු ලැබුවේ එම බස් රථය කත­ර­ගම පුද්ග­ල­ය­කුට විකුණා තිබි­යදී සොයා­ගත් බවය. එම බස් රථය අලෙවි කර තිබී ඇතැයි පැව­සෙන්නේ රුපි­යල් ලක්ෂ 41කටය.

අතු­රු­ගි­රියේ වෙඩි තැබීම සම්බ­න්ධ­යෙන් කාන්තා­වක ඇතුළු 11 දෙනකු මේ වන විට පොලි­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කළේය.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website