සෙනසුරාදා, 10 අගෝස්තු 2024 08:44

මැලිබන් සභාපති අභාවයට මහාබෝධියේ ශෝකය Featured

මැලිබන් සමාගමේ සභාපති ඒ.ජී. රත්නපාල මැතිතුමාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සහ මාළිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හා  මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

දිවංගත මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ.ජී.හින්නිඅප්පුහාමි මැතිතුමා දවස සිට එම පවුල මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ ප්‍රමුඛතම දායකයෝ වූ බවත්,1960 සිට සෑම මාසයකම 12 වෙනදා අග්‍රශ්‍රාවක මහා විහාරයේ දානමය පුණ්‍ය කර්මය සිදු කළේ එම පවුල විසින් බව ද නා හිමියෝ පෙන්වා දෙති.අප ගුරුදේවෝත්තම හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමිපාණන් වහන්සේ කොතැනක වැඩ සිටියත් සෑම මකම දොළොස් වෙනිදා මැලිබන් නිවසේ දානය පිළිගැනීමට නොවරදවාම සහභාගිවීමට මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරයට වැඩම කිරීම උන් වහන්සේ අපවත් වන තුරුම නොකඩවා සිදුකළ  බව බානගල නා හිමියෝ පවසති .

අග්‍රශ්‍රාවක මහා විහාරස්ථ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපනය කිරීමට පූර්ණ දායකත්වය දැක්වූයේ ද හින්නි අප්පුහාමි  මැතිතුමා ප්‍රමුඛ මැලිබන් පවුලයි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ සෑම කටයුත්තකදීම නොපිරිහෙලා ප්‍රමුඛත්වය ගැන කටයුතු කළ මැලිබන් පවුලේ වත්මන් මහා වෘක්ෂය වූ ඒ.ජී.රත්නපාල මැතිතුමන්ගේ අභාවය රට දැය සමය පිළිබඳ ආදරයක් ඇත්තා වූ සියලු දෙනාගේ ශෝකයට හේතුවක් බව ද එබැවින්  අප සියලු දෙනා එක්ව

රත්නපාල මැතිඳුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු යයි උන් වහන්සේ ඉල්ලා සිටිති.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website