සෙනසුරාදා, 10 අගෝස්තු 2024 09:37

සරත් ෆොන්සේකා ඉවත් වීම ශක්ති­යක් Featured

මන්ත්‍රී ජේ.සී. අල­ව­තු­වල

පාර්ලි­මේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඔහුගේ ඉල්ලා අස්වීම සමගි ජන බල­වේ­ග­යට විශාල ශක්ති­යක් බවත් පාර්ලි­මේන්තු මන්ත්‍රී ජේ.සී. අල­ව­තු­වල මහතා පැවැ­සීය.

ඊයේ (09) සමගි ජන බල­වේග ප්‍රධාන කාර්යා­ලයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වූයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ජේ. සී. අල­ව­තු­වල මහ­තාය. එහිදී ඒ මහතා මේ බව පැව­සීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැ­සීය.

සරත් ෆොන්සේකා මහතා දේශ­පා­ල­න­යට නොගැ­ළ­පෙන පුද්ග­ල­යෙක්. සරත් ෆොන්සේකා මහතා යුද්ධ­යට ‍ෙජන­රා­ල්ව­ර­යෙකු වුවත් ඔහු දේශ­පා­ල­න­යේදී කෝප්‍රල් කෙනෙ­කුගේ තර­ම්වත් දැනු­මක් නැහැ.

2024 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් ස්ථිර තත්ත්ව­යක් රට තුළ නිර්මා­ණය වෙලා තිබෙ­නවා. ඒ වගේම මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා සහ ගෝඨා­භය රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා ජය­ග්‍ර­හ­ණය කළේ සිංහල ඡන්ද බහු­ත­ර­යක් ලබා ගනි­මින්. මේ වන­විට රටේ සිටින සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියන සිය­ලුම ජාතීන් සහ බෞද්ධ, හින්දු, ක්‍රිස්ති­යානි, ඉස්ලාම් ආගම් නියෝ­ජ­නය කරන පක්ෂ ගණ­නා­වක් සහ නාය­ක­යන් ගණ­නා­වක් සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් අත්වැල් බැඳ­ගෙන සිටි­නවා. මේක ඵෙති­හා­සික අව­ස්ථා­වක්. ඉදි­රි­යේදී රටේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පත් වෙන්නේ රටේ සිටින සිය­ලුම ජාති, ආගම් නියෝ­ජ­නය කරන ජනා­ධි­ප­ති­ව­ර­යෙක්. එවැනි ජනා­ධි­ප­ති­ව­ර­යෙක් රටේ පත්වු­ණොත් විත­රයි රටේ සිටින සිය­ලුම ජන­ව­ර්ග­ව­ලට විස­ඳුම් ලබා­දෙන්න හැකි­යාව තිබෙන්නේ.

ඒ අනුව රටේ බහු­තර ජන­තා­ව­කගේ සහාය ලැබෙන්නේ සජිත් ප්‍රේම­දාස මහ­තාට. සැප්තැ­ම්බර් මාසයේ 21 වැනිදා රටේ සියලු ආගම්, ජාතීන් නියෝ­ජ­නය කරන ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත්ක­ර­ගන්න අව­ස්ථාව උදා­වෙ­නවා. සජිත් ප්‍රේම­දාස මහ­තාව ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් කරන්න සමගි ජන සන්ධා­නය නිර්මා­ණය කර­මින් සියලු පක්ෂ ප්‍රතිඥා ලබා­දුන්නේ ඒ නිසයි. රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කරන්න අධි­ක­රණ පද්ධ­තිය බැඳී සිටින බව යළි තහ­වුරු වුණා. ඒ වගේම සමගි ජන බල­වේ­ගය හැර ගොස් ඇමැති ධුර භාර­ගත්ත හරින් ප්‍රනා­න්දුට සහ මනුෂ නානා­ය­ක්කා­රට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු­වක් ලබා­දීලා තිබෙ­නවා. ඒ අනුව ඔවුන් දෙදෙනා පක්ෂ­යෙන් නෙර­පී­මට ගත් තීන්දුව නිවැ­රදි බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු කරලා තිබෙ­නවා. පසු­ගිය පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී අපි ඉදි­රි­පත් වුණේ සමගි ජන බල­වේ­ග­යෙන්.

ජනා­ධි­පති මැති­ව­ර­ණය පරා­ජය වී තිබෙන අව­ස්ථා­වක රටේ ජන­තාව සමගි ජන බල­වේ­ගයේ මන්ත්‍රී­වරු 54ක් පර්ලි­මේන්තු යවන්න ශක්තිය ලබා දුන්නා. ඒ අනුව සමගි ජන බල­වේ­ග­යෙන් තරග කරලා පාර්ලි­මේ­න්තු­වට පැමිණි මනූෂ නානා­ය­ක්කාර ආණ්ඩු­වට ගිහින් ඇමැති ධුර­යක් භාර ගත්තා. සමගි ජන­බ­ල­වේ­ගයේ ජාතික ලැයි­ස්තු­වෙන් පැමිණි හරින් ප්‍රනාන්දු ආණ්ඩු­වට ගිහින් ඇමැති ධුර­යක් භාර ගත්තා. ඒ අනුව මෙම දෙදෙ­නාගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය තහ­නම් කරන්න සමගි ජන බල­වේ­ගය තීන්දු කළා. සමගි ජන බල­වේ­ගය ගත්ත ඒ තීන්දුව නිවැ­රදි බව තහ­වුරු කරලා තිබෙ­නවා. මෙය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට විශාල ශක්ති­යක්. රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කරන්න අධි­ක­රණ පද්ධ­තිය බැඳී සිටින බව මෙයින් තවත් තහ­වුරු වුණා. සරත් පොන්සේකා සජ­බ­යෙන් ඉවත් වුණ එක පක්ෂ­යට විශාල ශක්ති­යක්. ඒ වගේම සරත් ෆොන්සේකා මන්ත්‍රී­ව­රයා සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යෙන් ඉවත් වෙලා තිබෙ­නවා.

සරත් පොන්සේකා මන්ත්‍රී­ව­රයා සමගි ජන බල­වේ­ගයේ තරග කරලා තමයි පාර්ලි­මේ­න්තු­වට ආවේ. ඒ අනුව සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධුර­යට සරත් ෆොන්සේකා මන්ත්‍රී­ව­ර­යාට දෙන්න සමගි ජන බල­වේ­ගයේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය තීර­ණය කරලා තිබෙ­නවා. නමුත් ඔහු සමගි ජන බල­වේ­ගයේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කර­මින් දිගින් දිග­ටම පක්ෂ­යට සහ නාය­ක­ත්වය විවේ­ච­නය කළා. ඒ වගේම සරත් ෆොන්සේකා මන්ත්‍රී­ව­ර­යාට දේශ­පා­ල­නය ගැළ­පෙන්නේ නෑ. සරත් ෆොන්සේකා යුද්ධ­යට ජෙන­රාල් කෙනෙක් වුණාට ඔහුට දේශ­පා­ල­න­යේදී කෝප්‍රල් කෙනෙක් තර­ම්වත් දැනු­මක් නෑ. ගුණ­මකු දේශ­පා­ල­න­යක් තුළ පැවැ­ත්මක් නෑ. ඔහු ඉවත් වුණ එක පක්ෂ­යට විශාල ශක්ති­යක්.

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website