සෙනසුරාදා, 10 අගෝස්තු 2024 09:40

සමගි ජන බල­වේ­ගය හරීන්ගේ සහ මනූ­ෂගේ සාමා­ජි­ක­ත්වය අහිමි කිරීම නීත්‍ය­නු­කූ­ලයි Featured

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය

රජ­යට එක්වී­මෙන් අන­තු­රුව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානා­ය­ක්කාර යන මහ­ත්ව­රුන්ගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අහිමි කිරී­මට සමගි ජන බල­වේ­ගය ගත් තීර­ණය නීත්‍ය­නු­කූල බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (09) තීර­ණය කළේය.

සිය පක්ෂ සාමා­ජි­ක­ත්වය අහිමි කිරී­මට එරෙ­හිව ඔවුන් දෙදෙනා ගොනු කළ පෙත්සම් දෙකක් සම්බ­න්ධ­යෙන් වන තීන්දුව ප්‍රකාශ කර­මින් මේ බව තීර­ණය කරන ලදි. ඒ අනුව එම පෙත්සම් ගාස්තු රහි­තව නිෂ්ප්‍රභ කරන ලදි. විජිත් මල­ල්ගොඩ, අචල වෙන්ග­ප්පුලි සහ අර්ජුන ඔබේ­සේ­කර යන ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ලේ ඒක­ම­තික තීන්දුව විනි­සුරු අර්ජුන ඔබේ­සේ­කර මහතා විසින් විවෘත අධි­ක­ර­ණයේ දී ප්‍රකාශ කරන ලදි.

ඔවුන් දෙදෙ­නාට එරෙ­හිව කරන ලද විනය පරී­ක්ෂ­ණය සාධා­රණ සහ යුක්ති­ස­හ­ගත බවට විනි­සුරු මඬුල්ල විසින් තීන්දු කරන බව අර්ජුන ඔබේ­සේ­කර මහතා එහිදී ප්‍රකාශ කළේය. සමගි ජන බල­වේ­ගයේ මන්ත්‍රී­ව­රුන් ලෙස පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූ පෙත්ස­ම්ක­රු­වන් එම පක්ෂයේ තීර­ණ­යට පට­හැ­ණිව යමින් රජ­යට එක්වී­මෙන් අන­තු­රුව විනය පරී­ක්ෂ­ණ­යක් පවත්වා ඇති බවද, එම විනය පරී­ක්ෂ­ණය නීත්‍ය­නු­කූල නොවන බව ද ප්‍රකාශ කර­මින් මෙම පෙත්සම් ඉදි­රි­පත් කළ බව ද විනි­සු­රු­ව­රයා සඳ­හන් කළේය.

එම තීර­ණය නීති­යට හා ස්වාභා­වික යුක්ති මූල­ධ­ර්ම­යට පට­හැණි බවට පෙත්සම් විභා­ග­යේදී කරුණු ඉදි­රි­පත් වූ බව මෙම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙහි සඳ­හන් වේ. පෙත්ස­ම්ක­රු­වන් දෙදෙනා පක්ෂ­යෙන් නෙර­පී­මට ගත් තීර­ණය ස්වභාව යුක්ති මූල­ධ­ර්ම­යට පට­හැණි බව එහිදී විනය කමි­ටුව නීති­යට පට­හැ­නිව නම් කිරීම ඇති බවට එහිදී කරුණු ඉදි­රි­පත් කළ බවට විනි­සුරු මඬුල්ල තීර­ණය කර ඇත. අදාළ විනය පරී­ක්ෂ­ණයේ දී නිද­හ­සට කරුණු දැක්වී­මට ඔවුන්ට ප්‍රමා­ණ­වත් තරම් කල් ලබාදී තිබූ නමුත් ඔවුන් එම අව­ස්ථා­වන් පැහැර හැර ඇති බව එම තීන්දුවේ සඳ­හන් වේ.

එසේම තව­දු­ර­ටත් නිද­හ­සට කරුණු දැක්වීම සඳහා පරී­ක්ෂ­ණ­යේදී කල් ඉල්ලා සිටීම යුක්ති­ස­හ­ගත නොවන බවද ඒ සඳහා පෙත්ස­ම්ක­රු­වන්ට හිමි­ක­මක් නොමැති බව­ටද විනි­සුරු මඬුල්ල විසින් තීර­ණය කර තිබේ. ඒ අනුව තමන්ට සාධා­රණ විනය පරී­ක්ෂ­ණ­යක් නොලැ­බුණු බවට පෙත්ස­ම්ක­රු­වන් විසින් ඉදි­රි­පත් කළ තර්ක ප්‍රති­ක්ෂේප කිරී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් තීර­ණය කර ඇත. පෙත්සම් මඟින් වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමා­ජි­ක­යන් නම් කර නොමැති බැවින් අත්‍ය­වශ්‍ය පාර්ශ්ව­ක­රු­වන් නම් කර නොති­බීමේ පද­නම මත පෙත්සම ඉවත දමන ලෙස තමන් මූලික විරෝ­ධ­තා­ව­යක් ඉදි­රි­පත් කරන බව ද විනි­සු­රු­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

පෙත්ස­ම්ක­රු­වන්ට එරෙ­හිව කට­යුතු කිරීම වළ­ක්ව­මින් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් වාරණ නියෝ­ග­යක් ලබා­ගෙන තිබු­ණද පෙත්ස­ම්ක­රු­වන් සම්බ­න්ධව විනය පිය­වර ගැනී­මට එම වාරණ නියෝ­ගය බාධා­වක් නොවන බවද තීන්දු කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය එය තාව­කා­ලි­කව නිකුත් කළ නියෝ­ග­යක් බවට තීර­ණය කළේය. ඒ අනුව පෙත්ස­ම්ක­රු­වන්ගේ පක්ෂ සමා­ජි­ක­ත්වය අහිමි කිරී­මට ගත් තීර­ණය නිවැ­රදි බවට තීර­ණය කරන බවද අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරී­මට නියෝග කරන බවද ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙහි සඳ­හන් වේ. තමන්ගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය තහ­නම් කිරී­මට සමගි ජන බල­වේ­ගය ගත් තීර­ණ­යට එරෙ­හිව මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

පක්ෂයේ විනය කඩ කිරීමේ චෝද­නා­ව­ලට තමන් වර­ද­ක­රු­වන් වී ඇති බැවින් පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හි­ටු­වී­මට තීර­ණය කළ බව සඳ­හන් කර­මින් එම පක්ෂයේ නියෝජ්‍ය මහ­ලේ­ක­ම්ව­රයා විසින් නිකුත් කළ ලිපි­යක් ඉකුත් ජූලි මස 24 වැනි දා තමන්ට ලැබුණු බව පෙත්ස­ම්ක­රුවෝ පව­සති. පක්ෂයේ විධා­යක කමි­ටුව විසින් ගත් එම තීර­ණය සමගි ජන බල­වේ­ගයේ ව්‍යව­ස්ථා­වට මෙන්ම ස්වාභා­වික යුක්ති ධර්ම­යට ද පට­හැණි බවට පෙත්ස­ම්ක­රුවෝ චෝදනා කර සිටි­යහ. එසේම එම තීර­ණය නීති විරෝධී බවට ඔවුහු කරුණු ඉදි­රි­පත් කර ඇත.

එම පක්ෂ සාමා­ජි­ක­ත්වය අහිමි කිරී­මට ගත් තීර­ණය මඟින් සිය පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර අහිමි නොවන බවට නියෝ­ග­යක් ලබා­දෙන ලෙස පෙත්ස­ම්ක­රුවෝ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යහ. ජනා­ධි­පති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්ස­ම්කාර හරීන් ප්‍රනාන්දු මහතා වෙනු­වෙන් පෙනී සිටි අතර, ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා මහතා පෙත්ස­ම්කාර මනූෂ නානා­ය­ක්කාර මහතා වෙනු­වෙන් පෙනී සිටි­යේය.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website