බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 07:34

ජනක රත්නායකගේ කාර්යාලයේ සියළු ලිපි ලේඛණ පොලිස් භාරයට ගනී.. Featured

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් නිල කාර්යාලයේ තිබූ සියලු ලිපි ලේඛණ පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ලුපිටියේ පිහිටි එම කාර්යාලයේ සභාපතිවරයාගේ කාර්යාලය පොලීසිය විසින් තැබූ මුද්‍රා ඉවත් කරනු ලද්දේ දින 13කට පසුව එහි සභාපති ජනක රත්නායක මහතා ඉදිරියේ දීය.
පසුගිය 16 වැනිදා එම නිල කාමරය මුද‍්‍රා තබන ලද්දේ කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් එහි ඇති ලිපි අස්ථාන ගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහ ගන්නේ යැයි ලද තොරතුරක් මත එසේ කරුණු වාර්තා කර තිබිණි.

ජනක රත්නායක මහතා විදේශගතව සිටි අතර ඔහු ආපසු මෙරටට පැමිණි 28 දිනයේ කාර්යාලය වෙත ගිය ද පොලිසිය මුද්‍රා ඉවත් කිරීමට කටයුතු කර නැත.

ඊයේ දිනයේ පොලිසිය සභාපතිවරයා සමග එහි ගොස් මෙම ලිපි ලේඛණ සියල්ල පොලිස් බාරයට ගෙන තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website