ඉරිදා, 11 අගෝස්තු 2024 12:22

රුවන් ජයරත්නගේ "හිල් වෙච්ච පපු" දොරට වැඩුම 16 දා Featured

රුවන් ජයරත්නගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "හිල් වෙච්ච පපු" කර්තෘ ප්‍රකාශනයක් ලෙස, කඩුල්ල පොත් ප්‍රකාශකයින්ගේ අතින් 2024 අගෝස්තු මස 16 වන දින ප.ව. 2.30 ට ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේ දී දොරට වැඩීමට නියමිතයි.

එහි ප්‍රධාන දේශකයන් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, ප්‍රවීණ ගුරුතුමෙකු වන ශාස්ත්‍රපති, සාහිත්‍යය විචාරක රනිල් ප්‍රභාත් මහතා සහ ප්‍රවීණ දේශක, ගීත රචක සහ කාව්‍ය නිර්මාණ ශිල්පී අතුල බණ්ඩාර මහතා දේශන පවත්වනු ලබන අතර, යුද්ධ හමුදා නිලධාරී මේජර් නොයෙල් රාජපක්ෂ මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී / දේශක ඉවෝන් හේරත් විසින් උත්සව සභාව මෙහෙයවනු ලබයි.

"හිල් වෙච්ච පපු" කාව්‍ය සංග්‍රහයෙහි ක‍ංචුකය මධුර, ක්‍රීඩා සහ මිහිර පුවත් පත්වල හිටපු ප්‍රධාන කර්තෘ සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් හේවාපන්න මහතාගේ නිර්මාණයකි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website