බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:01

ආර්ථික අර්බුදය මැද නිකරුණේ මුදල් වියදම් අපරාධයක්… වහා ඉදිකිරීම් අරඹන්න.. Featured

මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළඳ කුටි 115හි ඉදිකිරීම්වල ඉතිරි වැඩ අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන්කර වෙළදුන් හා ප්‍රදේශයේ වෙළෙද සංගම් සම්බන්ධ කරගනිමින් ජනතාවට ඵලදායි සේවයක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළඳ කුටි 115හි ඉතිරි වැඩ අවසන් කිරීම සදහා අවශ්‍ය රුපියල් මිලියන 115ක මුදලක් අනුමත කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබෙන බවද ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

වසර 35කට වැඩි ඉතිහාසයක් පවතින මරඳගහමුල සහල් ව්‍යපාරිකයන්ට සහල් අලෙවිය සඳහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නැතිවීම සහ සහල් ගබඩා කිරීමේ ස්ථානයක් නැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව ඇත.

ඒ අනුව එම ව්‍යාපාරිකයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සහල් ගබඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල් තබනු ලැබුවේ 2014 වසරේදීය. ඒ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

නමුත් යහපාලන රජය යටතේ ක්‍රියාත්මකවූ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2015 වසරේදී අහෝසිකරනු ලැබුවා. ඒ සමගම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කරන අවස්ථාව වන විට සැලසුම් ගාස්තු සහිතව සිදුකළ වැඩ සදහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 72,313,377.57 ක මුදලක් හා ඉංජිනේරු සංස්ථාවේ ආරක්ෂක සේවකයන්ගේ වැටුප්,අතිකාල හා අදාළ ස්ථානීය ජල, විදුලි බිල්පත් සදහා රුපියල් 13,573,777.72 වශයෙන් රුපියල් 85,887,155.29ක වියදමක් දැරීමට සිදුව තිබෙන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මොහොතක මෙලෙස නිකරුණේ මුදල් වියදම් කිරීම අපරාධයක් බවයි. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් අදාළ මුදල අනුමත කළ වහාම මෙම සහල් ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවද ඔහු පවසයි.

අක්කර දෙකහමාරක පමණ විශාල භූමියක නව සහල් ගබඩා සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කර ඇත. මෙහි වෙළෙඳසැල් 115ට අමතරව වෙළෙඳුන් සඳහා අවශ්‍ය රථගාල්, විවේකාගාරයක්, ආපනශාලාවක් ද ඉදිකෙරේ.

ප්‍රදීප් අනුර කුමාර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website