බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:02

ජනාධිපති මාධ්‍ය අංශයට එරෙහිව මැතිවරණ කොමිසම පොලිසි යයි… Featured

ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන අයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමක් පිළිබඳව සොයා බලන්නැයි මැතිවරණ කොමිසම විසින් පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබේ.

අදාළ පුද්ගලයා විසින් වට්ස්ඇප් ජාලය හරහා මැතිවරණ නීතිය උල්ලංඝනය වන ලෙස අසත්‍ය ප්‍රචාර පතුරුවා ඇතැයි මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලේ සඳහන් වෙයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් කළ පැමිණිල්ලක් පදනම් කරගෙන මෙම පැමිණිල්ල ගොමු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස්වරයකු විසිනි.

 

Last modified on බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:04

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website