සිකුරාදා, 16 අගෝස්තු 2024 13:16

ශ‍්‍රී ලංකාව ඉහල අහසේ ගුවන් යානා පාලනය බිද වැටේ… Featured

ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් ගන්නා ජාත්‍යන්තර ගුවන් යානා සහ මෙරටට පැමිණෙන ගුවන් යානා හසුරුවන රත්මලාන ගුවන් ගමන් පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙයුම් පද්ධතිය හදිසියේම පැය දොළහකට ආසන්න කාලයක් බිඳ වැටී ඇතැයි වාර්තා විය.

පෙරේදා (14 වැනිදා) වූ මෙම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කරගෙන ඇත්තේ ඊයේ (15 වැනිදා) අලුයම් කාලයේ වන අතර මෙවැනි බිඳ වැටීමක් ඉතිහාසයේ සිදුවූ පළමු වතාව මෙය බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියකු පැවැසීය. කෙසේ වෙතත් සියලු ගුවන් ගමන් ආරක්ෂිතව හැසිරවීමට නිලධාරීන් සමත් වී ඇත.

 

‘‘අඩි පහළොස් දාහකට උඩින් යන සියලු ගුවන් යානා පාලනය වන්නේ රත්මලාන ගුවන් ගමන් පාලක මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. අපි වී.එච්.එෆ්. 124.9 ෆ්‍රීක්වන්සි (සංඛ්‍යාත) එකෙන් තමයි ගුවන් යානා එක්ක සබඳතා පවත්වන්නේ. හදිසියේම ඒ ෆ්‍රීක්වන්සි එකේ අප්ඩේට් එකක් ගිහින්. ඒ අතරේ ඔක්කොම ස්ට්‍රක් වෙලා. මේ නිසා ඉහළ අහසේ යන ගුවන් යානා සමග සබඳතා බිඳ වැටිලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ස්ලා පද්ධතිය යථා තත්ත්වයට ගන්න සියලුම උත්සාහයන් අරන් තිබුණා. අපිට හදිසියේ එතැන බැකප් එකක් තිබිලා නැති නිසා මුකුත් කරගන්න බැරිම තැන කටුනායක යුනිට් එකෙන් සහය අරගත්තා. රත්මලානේ මෙහෙයුම් මැදිරි නිලධාරීන් කටුනායකට යවලා තමයි සියලු කටයුතු සිදුකළේ’’ යැයි එම නිලධාරියා ‘අරුණ’ ට පැවැසීය.

 

මෙම බිඳ වැටුණු ගුවන් ගමන් පද්ධතිය යළි යථා තත්ත්වයට ගෙන ඒමට ඊයේ (15 වැනිදා) අලුයම වනවිට ඉන්ජිනේරුවන් සමත් වී ඇත.

 

ශ්‍රී ලංකා ගුවන් තලයට අඩි පහළොස් දහසක් ඉහළ අහසේ පටන් ගන්නා සියලු යානා පාලනය කරනු ලබන්නේ රත්මලාන ප්‍රධාන ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයෙනි.
AN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website