සෙනසුරාදා, 17 අගෝස්තු 2024 10:57

ඉන්ෆ්ලුවෙන්සා උණ හැදුණු දරුවන්ගේ වැඩිවීමක් Featured

ගණන් ගන්නැතුව ඉන්න එපා: ඉක්මනට වෛද්‍යවරයකු හමුවෙන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් යළිත් දක්නට තිබෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (16 වැනිදා) පැවැසීය.

යම් දරුවකු උණ රෝගී තත්ත්වයෙන් පසුවෙන්නේ නම් දරුවා ළඟම වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස ද හෙතෙම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

“ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය ආයෙමත් දරුවන් අතරේ පැතිරෙමින් තිබෙනවා. මේ දිනවල ඒ උණ හැදුණු දරුවන් ළමා රෝහලට ප්‍රතිකාර සඳහා එනවා.

“මීට මාසයකට පෙර ඉන්ෆ්ලුවෙන්සා උණ හැදුණු දරුවන්ට තාමත් කැස්ස තියෙනව. ඒ තත්ත්වය ළමා හතිය වෙන්න පුළුවන්. මේ නිසා ඒ සඳහාත් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත්. ඒ සඳහා ඉන්හේලර් එකක් දෙනවා.

මේ තත්ත්වය තුළ දරුවන්ට මුඛ ආවරණයක් පළඳවාගෙන ගමනක් බිමනක් ගියාට කමක් නැහැ.

ඉන්ෆ්ලුවෙන්සා එක්ක තියෙන කැස්ස වැළඳී තියෙන දරුවන්ට නිසියාකාරව ප්‍රතිකාර ලබාදෙන්න. ගණන් ගන්නෙ නැතුව ඉන්න එපා. අනිත් කාරණාව දරුවාට උණ තියෙනව නම් පාසල් හෝ උපකාරක පන්තිවලට යවන්න එපා. මේ උණ තත්ත්වය ඉක්මනින් ම පැතිරෙනවා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website