බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 11:05

වැඩි මිලට බිත්තර අලෙවි කළ බිත්තර නිෂ්පාදකයින්ගේ සභාපතිට නඩු Featured

බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායකට අයත් ගොවිපොළකට නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඊයේ (01) දිනයේ කුරුණැගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.

එහිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සරත් රත්නායකට අයත් බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අනාවරණ කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website