සදුදා, 19 අගෝස්තු 2024 12:16

නායයාම් අවදානම තවදුරටත් Featured

දිස්ත්‍රික්ක 7 කට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

ඒ අනුව කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කෙරුණු නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකය.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන,
ඇහැළියගොඩ සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් රතු නිවේදන නිකුත් කෙරුණි.

එසේම කොළඹ, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේය.

මේ අතර, අයහපත් කාලගුණික හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කළුතර, පරගොඩ ප්‍රදේශයේ ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථාන ගත කිරීමට පියවර ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සඳහන් කළේ, බුලත්සිංහල ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කෙරුණු අතර, එම සහන කණ්ඩායම මගින් පරගොඩ ප්‍රදේශයේ ගංවතුර සහන මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website