අඟහරුවාදා, 20 අගෝස්තු 2024 09:40

ගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවට.. Featured

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කළුතර පරගොඩ ප්‍රදේශයේ එම සහන කණ්ඩායම ස්ථානගතකර තිබේ.

 

බුලත්සිංහල ප්‍රදේශයේ ඇතිවී ඇති සුළු ගංවතුර තත්වය හමුවේ විපතට පත්ව ඇති ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථානගතකර බව නාවික හමුදාව පවසයි.

 

දිස්ත්‍රික්ක 07 නිකුත් කර ඇති නාය යෑමේ අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කර නාය යෑමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

 

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පවුල් 360 අයත් පුද්ගලයන් 1404 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 

වැඩිම පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටියි. එම සංඛ්‍යාව 764කි.

 

මේ අතර කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website