බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 23:20

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (4) පැය 24ක ජල කප්පාදුවක් Featured

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා ( 04) පස්වරු 2.00 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව , කොළඹ 01 සිට 04 දක්වා සහ කොළඹ 07 සිට 11 දක්වා යන ප්‍රදේශවලට මෙන්ම කඩුවෙල , කොලොන්නාව නගර සභා ප්‍රදේශය , වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ, මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ නඩත්තු කටයුතු ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇති බවයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website