සිකුරාදා, 23 අගෝස්තු 2024 10:20

ජනාධිපතිවරණය නිරීක්ෂණයට රටවල් 12කට ඇරයුම් Featured

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඒ අනුව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බව රත්නායක මහතා සඳහන් කළේය.

ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website