සිකුරාදා, 23 අගෝස්තු 2024 10:37

කසාවතින් බැබළුණු ගුවන්තොට… Featured

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදාට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කරවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විඳ ගැනීමට ද ඊයේ දින ( 22 දා) අවස්ථාව ලැබූහ.

මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ද අනුග්‍රහය දක්වා තිබුණි.

ජාතියේ අනාගත භික්ෂු පරපුර මෙම සාමනේර භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ වන හෙයින් උන්වහන්සේලාට රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දැන හඳුනා ගැනීමට අවස්ථාව ලබා දීම ඉතා වටිනා කර්තව්‍යයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

මෙම වැඩසටහන සඳහා වාද්දුව, දෙල්දූව පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන වයස අවුරුදු 05 – 20 ත් අතර වයසේ පසුවන සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් වැඩම කර සිටියහ.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website