මෙම රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විද්වත් කමිටුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පසුගියදා (22) කියා සිටියේය.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
Mපොක්ස් රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ බෝ වන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර තිබෙනවා. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව Mපොක්ස් රෝගීන් හඳුනා ගැනීමේ රසායනාගාර පහසුකම් පවතිනවා.
මෙම රෝගයට වඩාත් හොඳින් සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා. මේ හා සම්බන්ධ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් සියලුම සෞඛ්‍ය සේවා ආයතන සඳහා ලබාදීමට කටයුතු කරනවා. අප්‍රිකානු කලාපයේ ප්‍රධාන ලෙස මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපීය රටවල විශේෂයෙන් කොංගෝ රාජ්‍යයේ මෙම රෝගය බෝ වීමේ හැකියාව සහ දරුණු බව වැඩියි. රෝගීන් වැඩි ගණනක් වාර්තා වී තිබෙනවා. ගෝලීය මට්ටමින් සංවිධානාත්මක ලෙස පෙර සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 14 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ජාත්‍යන්තර අවධානය ලක් කළ යුතු අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළා.
මේ වන විට ආසියානු කලාපීය රටවලින් රෝගය වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් . Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගය Mපොක්ස් වෛරසය නිසා ඇති වෙනවා. ආසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාලයක් පුරා ශ්වසන බිඳිතිවලට නිරාවරණය වීමෙන් Mපොක්ස් රෝගය පැතිර යන නිසා, මෙම රෝගය පැතිරීමේ අවදානම අඩු මට්ටමක පවතිනවා.
ආසාදිත පුද්ගලයකු භාවිත කළ ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මඟින්ද රෝගය පැතිරීමේ හැකියාවක් පවතිනවා. Mපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ, සමෙහි බිබිළි මතු වීම සහ වසා ගැටිති ඉදිමීම බවත් ඒ මහතා පැවසීය.
DN