බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 23:22

ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම ලෙබනනයට Featured

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ශ්‍රී ලංකා යුධ හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම අද ( 02 ) අලුයම ලෙබනනය බලා පිටත්ව ගියහ.

ඒ , ඉතියෝපියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් වන අතර නිලධාරීන් 10 දෙනෙකු සහ සෙබළුන් 115 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් වේ.

මීට අමතරව පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා විශේෂ පුහුණුව ලත්, සුනඛයන් සිව්දෙනෙකු ද ලෙබනනයේ අතුරු හමුදා බලකායේ රාජකාරී සඳහා පිටත්ව ගොස් තිබේ .

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website