සෙනසුරාදා, 24 අගෝස්තු 2024 13:52

දෙමව්පියන්ට බරක් වූ අධ්‍යාපනය මාලිමාවේ ආණ්ඩුවක් යටතේ රජයේ වගකීමක් කරනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර බණ්ඩාරගමදී කියයි Featured

ලෝකයේ උත්පාදනය වන නව දැනුම හා තාක්ෂණය සමගින්

‘රනිල් වික්‍රමසිංහ කියන්නෙ මොකක්ද? එයා කියනවා 2048 දී රට හදනවලු. එතකන් ඉවසන්න ලු. 2048 වෙනකොට රනිල් වික්‍රමසිංහට අවුරුදු 99යි. මරු මෑන්. එතකොට අහන්න කෙනෙකුත් නෑ රට හැදුවද කියලා…’ යැයි ජනාධිපති ධුර අපේක්‍ෂක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරගම නගරයේ පෙරේදා (22 වැනිදා) සවස පැවැති විජයග්‍රාහී ජනහමුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2025 ජනවාරියේ සිට රුපියල් 25,000කින් වැටුප් වැඩිවෙන බව පැවසූ කතාව පට්ටපල් බොරුවක් බවත්, ඔහු ඒ වනවිට ජනාධිපති ධුරයේ නොමැති බවත් හෙතෙම කීය.

මෙම ජනහමුව තවදුරටත් ඇමතූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කියා සිටියේය.

“සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරික මහත්තයකු හමුවුණාම කියනවා අපේ ව්‍යාපාර කඩාවැටිලා තියෙන්නෙ. බැංකුවෙන් ගත්තු ණය ගෙවා ගන්න විදිහක් නෑ. බිස්නස් අඩුවෙලා තියෙනවා. මේක වෙනස් කරන්න ඕනෙ කියලා. තරුණ තරුණියන්ගෙන් ඇහුවොත් කියනවා ඉගෙන ගෙන තියෙනවා, පාඨමාලා හදාරා තියෙනවා, ඒකට සරිලන රැකියාවක් හොයා ගන්න විදිහක් නෑ, ඒ නිසා මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනෙ කියලා කියනවා. අපි ත්‍රීවිල් රියැදුරු මහත්මයකුගෙන් ඇහුවොත් කියනවා මේ විදිහට තවදුරටත් යන්න බෑ. හයර් ලැබෙන්නේ නෑ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕනෙ කියලා. අපි ධීවර මහත්මයකුගෙන් ඇහුවොත් කියනවා මේක වෙනස් කරන්න ඕනෙ කියලා. සාමාන්‍යයෙන් ගමේ අම්මා කෙනකුගෙන්

ඇහුවොත් එහෙම බඩු මිල දරාගන්න බැහැ. ලැබෙන ආදායම ප්‍රමාණවත් නැහැ, මේක වෙනස් කරන්න ඕනෙ කියලා කියනවා.

 bnbgghghgfhfhf

ඒ නිසා රටපුරා මේ ආණ්ඩුව වෙනස් කිරීම සඳහා උවමනාවක්, වෙනස් කිරීම සඳහා මතයක්, වෙනස් කිරීම සඳහා අරමුණක් තියෙනවා. හැබැයි වෙනස් කිරීම සඳහා උනන්දුවක් තිබුණට වෙනස් කිරීම සඳහා අරමුණක් තිබුණට ඒක සාර්ථක කරගන්නට හම්බ වෙන්නෙ නැහැ අවස්ථාව නැතුව. අපිට බැණ බැණ ඉන්න පුළුවන්. කිය කිය ඉන්න පුළුවන්. කතා කර කර ඉන්න පුළුවන්. හැබැයි වෙනස් කිරීම සඳහා අවස්ථාවක් එන්න ඕනෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ. දැන් වෙනස් කිරීම සඳහා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා කවදද? සැප්තැම්බර් මාසෙ 21. වෙනස් කිරීම සඳහා අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වෙනස් කිරීම සඳහා උනන්දුව තිබුණු අයට වෙනස් කිරීම සඳහා අරමුණු තිබුණු අයට වෙනස් කිරීම සඳහා කතාබහ කරමින් සිටි අයට දැන් ඇවිල්ලා තියෙන අවස්ථාව සැප්තැම්බර් මාසෙ 21 වැනිදා වෙනස් කිරීම සඳහා තීන්දුව ගැනීමේ අවස්ථාව. ඒක අත්හැරලා ආයෙත් වෙනස් කරමු කියලා කිය කියා ඉඳල හරියන්නේ නැහැ. එහෙනම් වෙනසේ ආරම්භය ගන්න තියෙන්නේ සැප්තැම්බර් මාසෙ 21 වැනිදා. ඒ අන් කවුරුත් නෙවෙයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරලා සැප්තැම්බර් මාසෙ 21 වැනිදා වෙනසේ ඇරැඹුම, වෙනසේ ආරම්භය, වෙනස් පටන් ගැනීම අපි කරන්න ඕනේ. ලෑස්තිද? ජනතාව වෙනස් කිරීම සඳහා ආරම්භය අරන් දෙන්න. ජාතික ජන බලවේගයේ අපි වෙනස් කිරීම පටන් ගන්න ලෑස්තියි. කවදා ඉඳන්ද සැප්තැම්බර් 22 වැනිදා ඉඳන්. මොද වෙනස වෙනස වෙනස වෙනස කිව්වට වැඩක් නෑ. මොන වගේ වෙනසක්ද අපි ඇති කරන්න ඕනේ. මොන වගේ වෙනසක්ද ඕනේ. අපේ රටේ මුළු ආණ්ඩුකරණයම වංචාවේ, දූෂණයේ ගිලිලා තියෙනවා. වෙනසක් අවශ්‍යයි. මොකක්ද? වංචාවෙන් දූෂණයෙන් තොර ආණ්ඩුකරණයක්. අන්න වෙනස. ඒක කරන්නෙ කව්ද? ඒක කරන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් විතරමයි මතක තියාගන්න. අන්න ඒක තමයි වෙනස.

“ඊළඟට මේ දේශපාලකයා කියන කෙනා මහජනයාට වඩා උඩින් ඉන්න, සඳළුතලයේ ඉන්න කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. දේශපාලකයා යටින් ඉන්න ජනතාවක් අද බිහිවෙලා තියෙනවා. ඒ නිසා බොහෝ අය කල්පනා කරනවා දේශපාලකයා උඩින් ඉන්න ඕනෙ කියලා. කුරුණෑගල පැත්තෙ ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේ කියලා තියෙනවා සාමාන්‍යයෙන් ඡන්දෙ කාලෙට ඒ මාස එකහමාරේ විතර ඒගොල්ලො ජනතාවට වඳිනවලු. දැන් දැක්කද මේ දවස්වල කවුරුවත් වඳිනවා. මං දැක්කා සජිත් ප්‍රේමදාසගෙ නංගි ගමකට ගිහිල්ලා අම්මා කෙනකුගේ හැට්ටේ කටු ගහනවා. දැක්කද? ඊට පස්සෙ බෙල්ල වටේ සළුවක් පොරවනවා. කොණ්ඩෙ හදනවා. ඉඹිනවා. මාස එකහමාරක් ඒගොල්ලො ජනතාවට වඳිනවා. අවුරුදු 5ක් ජනතාව ඒගොල්ලන්ට වඳිනවා. ඒ නිසා අපේ රටේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා මහජනයාට වඩා උඩින් ඉන්න දේශපාලනයක්. මහජනයා පොළොවේ ඉන්නවා. දේශපාලකයා සඳළුතලේ ඉන්නවා. වෙනස් කරන්න ඕනෙ නැද්ද? ජාතික ජන බලවේගය වෙනස් කරනවා දේශපාලකයාත්, මහජනතාවත් එකට එක ලයින් එකේ වාඩිවෙලා එකට අයිතිවාසිකම් භුක්ති විඳින වෙනසක් ජාතික ජනබලවේග ආණ්ඩුව ඇති කරනවා. ඒක තමයි වෙනස.

ඒ වගේම දේශපාලකයා නීතියට වඩා උඩින් ඉන්නවා. ජනතාව නීතියට යටත්වෙලා ඉන්නවා. පාලකයා නීතියට වඩා උඩින් ඉන්නවා. පාලකයා නීතියට යටත්ද? නැහැ. පාලකයන්ට නීතිය ක්‍රියාත්මක වෙනවද? නැහැ.

පාලකයාට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ ඉන්න විදිහක් නැහැ. අර බිලියන 40ක් හොයා ගත්තෙ කොහොමද කියලා. අල්ලස් කොමිසමෙන් නඩුවක් දැම්වා. පරීක්‍ෂණයක් කළා. පරීක්‍ෂණය කරපු දවසෙම මොකද වුණේ. නයා කෑවා. මරු නයා. එයම සාමාන්‍ය පුරවැසියෙක් එහෙම කළා නම් පොලිසියෙන් එන්න කියනවා. පරීක්‍ෂණයට එන්න කියලා. මේ පුරවැසියා මාව නයා කෑවනෙ කියලා කිව්ව නම් මොකද කියන්නෙ. එහෙනම් නයාවත් ගේන්න කියනවා. පොදු ජනයාට එක නීතියක්. පාලකයාට එක නීතියක්. එහෙම වෙච්ච රටවල් දියුණු වෙන්නේ නෑ. අන්න අවශයයි. වෙනසක්. පොදු ජනයාටත් පාලකයාටත් සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් ඕනේ. අන්න එහෙම රටක් තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව හදන රට.

ඒ වගේම රාජ්‍ය සේවය කඩා වැටිලයි තියෙන්නේ. උසස්වීම් ලැබෙන දේශපාලනය, මාරුවීම් ලැබෙන දේශපාලනය, බඳවා ගැනීමේ දේශපාලනය මෙන්න මේ දේවල් නිසා රාජ්‍ය සේවය කඩාවැටිලයි තියෙන්නේ. සාමාන්‍ය පුරවැසියකුට රජයේ කාර්යාලයකට ගිහිල්ලා ක්‍රමවත්ව ඉක්මනට වැඩක් කරගන්න අමාරුයි. වෙනස් කරන්න ඕනෙ නැද්ද? වෙනස් කරන්න ඕනේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හැම පුරවැසියකුටම ළඟා කරගත හැකි තත්ත්වයක් හදනවා. අන්න ඒක තමයි වෙනස. මොන වගේ වෙනසක්ද අපට ඕනේ.

 vbbhghhfhfhf

අපේ රටේ අධ්‍යාපනය මුළුමනින්ම වෙනස් කරන්න ඕනේ. අපේ රටේ පාසල් පද්ධතිය නවීකරණය කරන්න ඕනේ. අපේ රටේ පාසල් විෂයන් නවීකරණය කරන්න ඕනේ. ලෝකයේ අලුතින් උත්පාදනය වන දැනුම, ලෝකයේ අලුතින් උත්පාදනය වන තාක්ෂණය සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අපේ රටට හඳුන්වා දෙන්න ඕනේ. දෙමව්පියන්ට අද අධ්‍යාපනය බරක් වෙලා තියෙනවා. දෙමව්පියන්ට බරක් වෙලා තියෙන අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව.

ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා :

අපි හදනවා මේ මජර දේශපාලන සංස්කෘතිය. දැන් මොකද කරන්නේ දේශපාලනයට එනවා. රටේ ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වෙනවා. වාහන ටික ගන්නවා. තෙල් ටික ගහගන්නවා. ඔය පවතින නිවාස කිව්වට ඕවා රජයේ නිවාස. ඒවයේ ජීවත් වෙනවා. ඕක තමයි දේශපාලනය.

මේ වෙලාවෙත් කොමිස්වලට යටවෙලා බාල බෙහෙත් ගේනවා. බාල බෙහෙත් නිසා ලෙඩ හොඳ වෙන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website