සදුදා, 26 අගෝස්තු 2024 09:35

ඉන්දියාවේ ඉදිරිපෙළ යුධ නෞකාවක් ශ්‍රී ලංකාවට Featured

ඉන්දීය නාවික හමුදාවේ ඉදිරිපෙළ යුධ නෞකාව වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා හෙට (26) කොළඹට පැමිණෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් චාරිත්‍රානුකූලව පිළිගැනීමට නියමිතය.

INS මුම්බායි යනු ප්‍රහාරක යාත්‍රාවලින් තෙවැනි ගණයේ නෞකාවක්වන අතර එය දේශීයව ඉදිකර 2001 ජනවාරි 22 වන දින ඉන්දියානු නාවික හමුදාවට භාර දී ඇත.

INS මුම්බායි, ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.

INS මුම්බායි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇත. ඩෝනියර් ගුවන් යානා ශ්‍රී ලංකාවේ වගකීම් සහිත මුහුදු කලාපය (AOR) නිරීක්ෂණය කිරීමේ අද්විතීය සහ තීරණාත්මක හැකියාවක් සපයයි.

INS මුම්බායි 2024 අගෝස්තු 29වැනිදා නැවත දිවයිනෙන් පිටත් වේ.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website