අඟහරුවාදා, 27 අගෝස්තු 2024 09:33

ආරක්ෂිත ස්ථාන නොමැති සේවා ස්ථාන වලට වාර්තා නොකරන්නැයි ඊශ‍්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට දන්වයි.. Featured

ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපල වන බෙන්ගෝරියන් ගුවන් තොටුපළ නැවත විවෘත්ත කර ඇතිබව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

මේ දිනවල ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලය වෙත පැමිණීමට සූදානමින් ඇත්නම් ඒ සම්බන්ධයෙන් රැකියා නියෝජිත ආයතනයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීම් කළයුතු බව පැවසීය.

පැය 48 කාලයක් සඳහා ඊශ්‍රායලය (25) ප්‍රකාශ කල හදිසි තත්වය හමුවේ සුරක්ෂිතව සිටින ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබේ.

ආරක්ෂිත ස්ථාන නොමැති නිවාස සහ සේවා ස්ථාන වලට වාර්තා නොකරන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙගෙන් ඉල්ලා සිටියි.

ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලය තානාපති කාර්යාලය අමතන ලෙස එරට ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන බව තානාපතිවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website