බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2023 23:23

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට රුසියාවෙන් යෝජනාවක්... Featured

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව විසින් යෝජනාවක් සමග අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවසයි.

එහි සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී.රෝසා මහතා ප්‍රකාශ කළේ, මෙය රාජ්‍යයන් දෙකක් අතර ක්‍රියාත්මක වන වැඩසටහනක් බවයි.

න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළ අතර මෙම තත්ත්වයට පසුබිම්ව ඇත්තේ රුසියාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනාවයි.

මෙම බලාගාරය භූමිය තුළ ඉදිකරනවා ද ? නැත්නම් නෞකාවක සවිකර මුහුදේ තබා ක්‍රියාත්කමක කරනවා ද? යන්න තවමත් තීරණය කර නොමැති අතර අවබෝධතා ගිවිසුම අනුව රුසියානු කණ්ඩායමක් මගින් එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

එමෙන්ම වසර තුනක පමණ කාලයක් තුළ මෙරට කණ්ඩායමක් ඒ සඳහා පුහුණු කිරීමටද යෝජිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website