සිකුරාදා, 30 අගෝස්තු 2024 11:51

බානගල නා හිමියෝ ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව අමතයි Featured

නවදිල්ලියේ  ඉන්දියා පදනම (Indian Foundation) අටවන වරට සංවිධානය කළ  ධර්ම ධම්ම  ජාත්‍යන්තර සමුළුව පසුගිය 23/24 දෙදින ඉන්දියාවේ ගුජරාට්‍ ප්‍රාන්තයේ අහමෙදාබාද් හි පැවැත් වුණි.

රටවල් විස්සක ආගමික නායකයන්, දේශපාලඥයන්, විද්වතුන්,චින්තකයින් ඇතුළු තුන්සියයකට ආසන්න පිරිසගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ  ප්‍රථම සමරු  දේශනය ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක,දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් විසින් සිදු කරනු ලැබීය.

ගුජරාට් විශ්ව විද්‍යාලයේ සහයෝගිත්වයෙන් පැවැති මෙම ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වූයේ Cosmology in Darma Dhamma Tradition යන්න යි.මෙම සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින්  සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද සහභාගී විය.

 

 

Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2024 12:04

නවතම පුවත්

උතුරට තද වැසි

අගෝස්තු 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website