සදුදා, 02 සැප්තැම්බර් 2024 14:14

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්… Featured

ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

 ඒ අනුව ලබන 04 වැනිදා තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි පොලිස් නිලධාරීන්ට ලබන 06 වැනිදා ද අවස්ථාව පවතියි.

 

මේ දිනවල දිවයින පුරා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැළි පැවැත්වෙයි.

 

එම රැලි වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට යාමට සිදුවීම හේතු පාදක කර ගනිමින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබාදුන් බව පැවසීය.

 

එම දිනවල යම් හෙයකින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි පොලිස් නිලධාරීන්ට ලබන 11 සහ 12 දෙදින ද හැකි බව වැඩිදුරටත් කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website