අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2024 14:07

කෝටි 14000කට අධික බදු මුදල් අයකර නොගත් නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් Featured

විගණකාධිපති වාර්තා අනුව රජයට අයකර ගත යුතු රුපියල් කෝටි 14000කට අයත් බදු මුදල් රාජ්‍ය නිලධාරීන් විසින් අයකර නොගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් “රුහුණු රට ගොවි සංවිධාන එකමුතුව” ඊයේ (02දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2024 මැයි 27 වැනිදා විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තු මුලාශ්‍රවලට අනුව රු. කෝටි 14000කට අධික බදු මුදලක් රජයට අයවිය යුතු නමුත්, එම බදු මුදල් මෙතෙක් අයකර ගැනීමට දේශීය ආදායම් නිලධාරීන් කටයුතු කර නැතැයිද එම සංවිධාන එකමුතුව සිය පැමිණිල්ලෙන් චෝදනා කරයි.

පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‘රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, රවින්ද්‍ර ජාගොඩ මහතා ‘දිවයිනට’ මෙසේ පැවසීය.

76 වසරක් තුළදී දේශපාලකයන්ට නොදෙවෙනි හොරකම් රාජ්‍ය නිලධාරීන් සිදුකර තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ ටී. ඕ. පගාව ගන්නවා. පොලිසිය පගාව ගන්නවා. ගුරුවරු, හොර වෛiවරු, රාජ්‍ය සේවයේ ඉතා සුළු සේවක පිරිසත් පගාව ගන්නවා. ජනාධිපතිවරණයෙන් පසුව රාජ්‍ය සේවකයන් පමණක් සතුටු කරන්න කිසිදු පාලකයකුට හැකියාවක් නැහැ. හොරකම්, දූෂණ, වංචා නැති කරන නව දිශානතියකට රට රැගෙන යා යුතුයි.


සුජීව තත්සර

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website