බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:33

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරයි Featured

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදී සිටින විශේෂඥ නිලධාරීන් සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ,

සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ, සියලුම පරිපාලන ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 ලෙස සංශෝධනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සියලුම රෝහල් සහ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 2024.07.01 දිනැතිව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඇති බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website