සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2024 11:58

ජනපති තීන්දුවක් අරගෙන! Featured

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමැතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු පක්ෂ සංවිධාන රැසක ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මේ මොහොතේ තීරණාත්මකව ජනාධිපතිවරයාට සහාය නොදක්වන පිරිස් ආණ්ඩුවේ නමින් තබා ගෙන සිටීම කිසිඳු ප්‍රයෝජනයක් නොමැති බවත් ඔවුන් තමන් මැතිවරණය සම්බන්ධව ගන්නා තීන්දු තීරණ විරුද්ධ පාර්ශ්ව වෙත ලබාදෙමින් දේශපාලන සූදුවක නිරතවන බවයි.

එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මේ පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පෙරේදා (05) රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේද මේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

එසේම තවත් රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙකු මෙන්ම හඳුනාගත් මන්ත්‍රීවරුන් පිරිසකට අවවාදාත්මක දැනුම්දීමක් සිදුකර ඇති බව ද දැනගන්නට ඇති අතර ඒ ජනාධිපතිවරණය තීරණාත්මක අදියරකට පැමිණ ඇති මොහොතේ ආණ්ඩුවේ කියා වැනෙමින් නොසිට තීන්දුවක් ගන්නා ලෙසයි. මෙම දැනුම්දීම අනුව රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු තමන්ව ධුරවලින් ඉවත් නොකරන ලෙසත් ඒ වෙනුවට ඉල්ලා අස්වීමට අවස්ථාව ඉල්ලා ඇති බව ද දැනගන්නට ඇත.

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website