අඟහරුවාදා, 17 සැප්තැම්බර් 2024 10:55

බිනර පොහොය දිනය අදයි Featured

භික්ෂුනී ශාසනය ආරම්භ වූ බිනර පොහොය දිනය අදයි.

කාන්තාවන්ට ශාසනික දොරගුළු විවර කරමින් භික්‍ෂුණී ශාසනය ආරම්භ කෙරුණේ අද වැනි බිනර පොහෝ දිනකයි.

මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීමද මෙම උතුම් පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

පසුව යසෝදරා දේවිය ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් ප්‍රජාපතී ගෝතමිය වෙත පැමිණ පැවිදි භාවය ලබාගත්තා.

ඒ අනුව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා ලෙස සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් වන්නේ ද බිනර පොහෝ දිනයේයි.

අෂ්ඨගරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් එය මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පහදා දීමෙන් පසු ගරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දීම ද මෙම උතුම් පොහෝ දිනයේ දී සිදු වූ බවයි සඳහන් වෙයි.

DN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website