බදාදා, 18 සැප්තැම්බර් 2024 14:03

මාලිමාවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ – සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් – මැලේ අපි ඔක්කොම එකතුවෙලා ලස්සන රටක් හදමු – ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක Featured

 

අවුරුදු හතරට රනිල් ඩොලර් බිලියන පහළොවක් ණය ගත්තා
තෙල්, ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයනවා
සජිත්ලා ආගම්වාදය ජාතිවාදය වේදිකාවට ගේන තරමට අසරණ වෙලා

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති බවත් ඉදිරි දින තුන හතර තුළ අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය විසින් ගහන්න පුළුවන් අවලාද කරන්න පුළුවන් කුමන්ත්‍රණ, සියල්ල කරන්න පටන් ගන්නවා යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (16 දා) පස්වරුවේ හබරාදුව, අකුරැස්ස, කුඹුරුපිටිය, වීරකැටිය සහ තලවකැලේ යන ප්‍රදේශවල පැවති ප්‍රචාරක රැළිවලට එක්වෙමින් සඳහන් කළේය.

මෙකි ප්‍රචාරක රැළි අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

කඩාවැටුණු රට නැවත ගොඩනැගීම තමයි ජාතික ජනබලවේගය බලය ඉල්ලන්නේ. අපිට බලය ලබාගැනීමට හැකි අවස්ථාවක් ඇවිත් තියෙනවා. අපිට බලය ගන්න පුළුවන් අවස්ථාව හැදිලා තියෙනවා. රට විශාල ප්‍රපාතයකට වැටිලා තියෙන වේලාවක තමයි අපි බලය ගන්නේ. මේ අවස්ථාව තමයි ජාතික ජනබලවේගය ජනතාව වෙනුවෙන් බලය ලබාගතයුතුම අවස්ථාව. අපේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැහැ.

රට ගොඩනැගීම සඳහා සැලසුම් අපිට තියෙනවා මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට යම්කාලයක් ගතවෙනවා. අපි බලය ගන්නේ මැජික් පොල්ලක් අතේ තියාගෙන නෙවෙයි. අපි බලය ගන්නේ ඉන්ද්‍රජාලිකයෙක් ලෙස නෙවෙයි. මහා හාස්කම් මන්ත්‍ර තියෙන අයවගේ නෙවෙයි. අපි බලය ගන්නේ සාමාන්‍ය මිනිස්සු හැටියට. ඒ නිසා කඩාවැටුණු රට ගොඩනැගීම සඳහා පියවරෙන් පියවර සැලසුම් හදලා ක්‍රියාත්මක කළයුතුයි. එතෙක් ජනතාවගේ මුලික අවශ්‍යතා සපයන්න ඕන. රනිල් වික්‍රමසිංහ කියනවා රට හදන්න 2048 වෙනකම් ඉන්න කියලා. ඒ වනවිට එයාට අවුරදු 99යි. රට හදන්න වැඩසටහනක් ඕන. යම්කාලයක් යනවා. එතකන් ජනතාව බලාගන්න ඕන.

නමුත් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය මේ දින තුන හතර ඇතුළත ගහන්න පුළුවන් අවලාද කරන්න පුළුවන් කුමන්ත්‍රණ, සියල්ල කරන්න පටන්ගන්නවා. අපේ රටේ පොදුජනතාව පසුගිය කාලයේ ජාතිවාදය ආගම්වාද ප්‍රතික්ෂේප කළා. සජිත් ප්‍රේමදාස මහතා විසින් මැතිවරණ වේදිකාවට ආගම්වාදි ජාතිවාදි සටන්පාඨ ගෙනවිත් තියෙනවා. තිස්ස අත්තනායක කියනවා අපි බලයට පත්වු විට නුවර පෙරහැර නතර කරනවා කියලා. එයම ඇති සජබේ දේශපාලනය තේරුම්ගන්න. චරිත හේරත් කියන මන්ත්‍රීවරයා කියනවා කුරුණෑගල ඇත්කද පෙහරහැර නතර කරනවා කියලා. සජිත් ප්‍රේමදාසට උදව්කරන හාමුදුරුවරු කියනවා අපි ආවිට දානවේල නතර වෙනවලු. අපි බලයට පත්වූ විට ජාතික කොඩිය නැතිකරනවලු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය අයින් කරනවලු. අන්තජාතිවාදි සංවිධාන වේදිකාව මත තියාගෙන තමයි මේ කථා කියන්නේ.

මේවා කියනවිට රිෂාද් බදුර්දින් ඉන්නවා. දෙමළ ජාතික සංවිධානයේ නායකයින්ද ඉන්නවා. මේ අය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය අවලාදවලට පමණක් සීමාවන තැනට අසරණ වෙලා තියෙනවා. එක අසරණභාවයේ හා කලබලවීමේ ප්‍රකාශනය. රනිල් වික්‍රමසිංහ කියනවා අපි ආවිට රටේ අස්ථාවර භාවයක් ඇතිවෙනවලු. ඩොලරය ඉහළ යාවිලු, තෙල් නැති වේවිලු. ගෑස් හා ඉන්ධන නැති වෙනවලු. මේවා නැති කළේ ඒ අයනේ. රනිල් වික්‍රමසිංහ තමයි 2015 සිට 2019 දක්වා ලංකාවේ ස්වෛරි බැඳුම්කරවලින් ණය අරගෙන තිබුනා ඩොලර් බිලියන පහළොව මාරක්. ඒ පහළොව මාරෙන් ඩොලර් බිලියන හතරහාමාරක් අරගෙන තිබුණේ රනිල් වික්‍රමසිංහගේ අවුරුදු හතරහමාර තුළ. මහින්ද රාජපක්ෂ අරන් තිබුණේ ඩොලර් බිලියන තුනයි. ඒ ඩොලර් බිලියන තුන මේ වනවිට ගෙවලත් ඉවරයි. ගෙවාගන්න බැරි සියලු ස්වෛරි බැදුම්කර ණය. රනිල් වික්‍රමසිංහ ගත්තු ණය. ණය ගෙවාගන්න බැරිව ඩොලර් හිඟයක් ඇතිවෙන්න.

nbnnvfgdfgdfs

තෙල් මිල ඉහළ ගිය අවස්ථාවේ ඉන්ධන දීමනාව වැඩිකරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්සන් කරලා ලියුමක් දුන්නා ඉන්ධන දීමනාව මාසයකට ලක්ෂයකින් වැඩිකළා. ඒ ලක්ෂයේ මුදල ගත්තු නැති එකම මන්ත්‍රීවරු කණ්ඩායම ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු විතරයි. ජාතික ජනබලවේගය ආණ්ඩු හදන්නේ අත්හරින්න.

බෙදාගන්න නෙවෙයි. තියෙන ඒවාත් අත්හැරලා දේශපාලනය මහජන සේවවාක් බවට පත්කිරීම තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ අපේක්ෂාව. ජනතාවගේ සහන ටික දෙනවා. දේශපාලනය පිරිසිදුකරනවා. තෙල්, ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයන වැඩේ ජාතික ජනබලවේගය කරනවා.

වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ආවේ 2018 ලක්ෂ 23යි. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේක ලක්ෂ 40 දක්වා වර්ධනය කරනවා. ඩොලර් බිලියන 08ක් අපි බලාපොරොත්තු වෙනවා. අයිටී කර්මාන්තයෙන් ඉන්දියාවේ ඩොලර් බිලියන 253ක ආර්ථිකයක් තියෙනවා. සිංගප්පුරුවේ ඩොලර් බිලියන 233ක අයි.ටී. කර්මාන්තයේ ආර්ථිකයක් තියෙනවා. අපේ අයි.ටී. කර්මාන්තයේ අපනයන ආර්ථිකය ඩොලර් බිලියන 1.2කයි. ජාතික ජනබලවේගය මේක ඩොලර් බිලියන 05කට ගෙනියනවා. ඩොලර්වල හිඟයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඩොලරය ස්ථාවර කරනවා.

කුඩා තේ වතු ඩොලර් උල්පත්. තේ කර්මාන්තයට යළි පණ දෙනවා. නමුත් මුංඇට, කංකුන්, උඳු, කවුපි, කුරක්කන්, බඩඉරිඟු, ගේනවා ඩොලර් වැයකරලා. අපිට මේවා නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඩොලර් හොයනවා විතරක් නෙවෙයි ඩොලර් ඉතුරුකර ගැනීමේ වැඩපිළිවෙළක් තියෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට පමණයි. මේ අය ඩොලර් හොයන වැඩ කළේ නැහැ. මේ අය කළේ ඩොලර් යවන වැඩේ. අනවශ්‍ය දේවල් ආනයනය කිරීම සඳහා ඩොලර් වැයකරන්නේ නැහැ. හදාගන්න පුළුවන් හැමදේම අපි හදාගන්නවා. අපේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් අපිට ප්‍රමිතිකරණයේ සහතිකයක් දෙන්න පරීක්ෂණාගාරයක් නැහැ. බෙහෙත් ගෙන්නලා ගානක් ගහන්න බැරි නිසා ඔවුන් ඖෂධ පරීක්ෂා කිරීමට හොඳ රාසායනාගාර හදන්නේ නැහැ යැයිද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක තලවකැලේ පැවැති රැස්වීමේ දී මෙසේ පැවසීය.

මෙතෙක් කල් මේ රටේ පාලකයෝ ඡන්ද ගත්තේ කොහොමද? කන්න දීලා, බොන්න දීලා, බය කරලා ඡන්දෙ ගන්නවා. විශේෂයෙන් වතුකරයේ ජනතාව බය කරලා ඡන්දය ගන්නවා. යටත් කරලා ඡන්දය ගන්නවා. මේක අපි වෙනස් කරන්න ඕන නැද්ද? මේ කඳුකරයේ ජනතාව හැමදාමත් යටත් වෙලා ජීවත් වෙන්න ඕනෑද? බයේ ජීවත් වෙනවාද? හඟුරන්කෙත ජනතාව එස්.බී.ට බයේ ජීවත්වෙන්න ඕනෑද? කඳුරට වතුකරයේ ජනතාව තොන්ඩමාන්ලාට, දිගම්බරන්ලාට බයේ ජීවත් වෙන්න ඕනද? අපේ රටට ඕනෑ ජනතාව පාලකයාට බයේ ජීවත් වෙන රටක් නොවෙයි. ජනතාව ගැන හිතලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් රට පාලනය කරන ආණ්ඩුවක්, පාලනයක් දැන් අපිට ඕනෑ. නිදහස් ජනතාවක් අපි ගොඩනඟන්න ඕනෑ. ඒනිසා මේ සැප්තැම්බර් 21 වැනිදා අපි හොඳ තීන්දුවක් ගනිමු. දැන් රටේම ජනතාව ලැහැස්තිවෙලා ඉන්නේ එම තීන්දුව ගන්න.

අපේ රටේ ආණ්ඩු හැදුණේ කොහොමද? කඳුකරයේ නායකයන්ගෙන් සහාය ගන්නවා. නායකයන්ට අමාත්‍ය ධුර දෙනවා. නායකයන්ට කප්පම් දෙනවා. මුදල් දෙනවා. නායකයා ඇවිල්ලා ජනතාව රවට්ටනවා. රටේ ප්‍රශ්න විසඳගන්න. අද පළමු වතාවට රටේ ජනතාව පොදු වුවමනාවක් මත එකතු වෙලා ඉන්නවා. මේක විශේෂ අවස්ථාවක්. රටේ ජනතාව අලුත් වෙනසක් වෙනුවෙන් පෙළගැසී ඉන්නවා.

vnbvvbcvbdggd

අපි කාලාන්තරයක් තිස්සේ දරපු ප්‍රයත්නවල ප්‍රතිඵල මේ සැප්තැම්බර් 21 ලැබෙනවා සහතිකයි. වත්තේ ජීවත් වෙන ජනතාවගේ ජීවිත ගැන ටිකක් හිතලා බලන්න ඔවුන්ට ජීවත් වෙන්න සුදුසු ගෙයක් නැහැ. හරිහමන් වැසිකිළි පද්ධතියක් නැහැ. වත්තට යන්න පාරක් නැහැ. දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඔබලාගේ දරුවන්ට හරිහමන් ආහාර වේලක් නැහැ. බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. මුළු ජීවිතයම පීඩාවට පත්වෙලා. ඔබලා මේ විදියට ජීවත් විය යුතු මිනිස්සුද? නැහැ. මේක අපි වෙනස් කරන්න ඕනෑ.

අද මේ කඳුකර පළාත්වලත් කුඩු වසංගතය පැතිරිලා. කුඩුවලින් තොර මධ්‍ය කඳුකරයක් අපිට ඕනැ නැද්ද? කුඩුවලින් තොර රටක් අපිට ඕනෑ නැද්ද? ඕනෑ. අපි කුඩුවලින් තොර රටක් හදනවා. මුළුමනින්ම කුඩු මර්දනය කරනවා. රටින් තුරන් කරනවා. දරුවන් ගැන බය නැතිව, සැකයක් නැතිව, මව්පියන්ට ඉන්න පුළුවන් රටක් අපි ගොඩනඟනවා. දරුවා කුඩු ගහනවා නම්, ඉගෙන ගන්නේ නැතිනම් මේ දේශපාලකයෝ කැමතියි. එතකොට තමයි, ඒ ගොල්ලන්ට රිසිසේ මේ රටේ මහජන ධනය කොල්ලකන්න පුළුවන් වෙන්නේ.

ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි – ගාල්ල, නුවරඑළිය – නාලක රත්නායක, හැටන් – මනුර සෙල්ලහේවා, මස්කෙළිය – ගාමිණි බණ්ඩාර, අකුරැස්ස – සමන් උපුල් පිණිදිය, කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන, මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්කු

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website