ඉරිදා, 22 සැප්තැම්බර් 2024 12:06

සමස්ත ප්‍රතිඵලය අද දහවල් Featured

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රතිඵල ශුන්‍ය කිරීමක් සිදු නොවුනහොත් අද (22 දා) දහවල් වනවිට ජනපතිවරණයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද ගණන් කිරීම ඊයේ සවස ආරම්භ වීමට නියමිතව තිබූ අතර අද උදෑසන වනවිට වැඩි ප්‍රතිඵල ප්‍රමාණයන් නිකුත්කිරීමට හැකිවනු ඇති බවට කොමිෂම බලාපොරොත්තු වෙයි.

මේ අතර කිසිදු අපේක්ෂකයකුට සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක් සහ වැඩිපුර එක ඡන්දයක් ලබාගත නොහැකි වුවහොත් අද යළි දෙවන හා තෙවන මනාප ගණන් කිරීම සිදුකරන බව ද කොමිසම සඳහන් කරයි.

එසේ වුවහොත් අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ද හෙතම සඳහන් කළේය.

අපි ගැන සැක එපා – මැතිවරණ කොමිෂන් සභාව


අදාළ සියලු කටයුතු අවසන් වන තෙක් සාමකාමීව නිවෙස්වලට වී කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

කිසිදු අවස්ථාවක ඡන්ද ප්‍රකාශ කිරීම හෝ ඡන්ද ගණන් කිරීම පිළිබඳව අවිශ්වාසයක් ඇති කර නොගන්නා ලෙසත් විවිධ කටකතා හෝ අසත්‍ය ප්‍රකාශවලට නොරැවටී කොමිසමේ නිල ප්‍රකාශවලට පමණක් අවධානය යොමුකරන ලෙසත් හෙතෙම ඉල්ලා සිටී.

පොලිසිය හා විශේෂ කාර්ය බළකාය රටේ ආරක්‍ෂාව පිළිබඳව ක්‍රියා කරන බව ද අවශ්‍ය වුවහොත් හමුදාව කැඳවීමට වුව ද ක්‍රියා කරන බව ද කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේය.

රනිල් ධර්මසේන

Last modified on ඉරිදා, 22 සැප්තැම්බර් 2024 12:07

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website