ඉරිදා, 22 සැප්තැම්බර් 2024 14:36

බැසිල් ගෝඨා රට යති Featured

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙන්ම තවත් රාජපක්ෂවරයෙකුගේ දරුවන් දෙදෙනා සහ ඔහුගේ නැන්දණිය ඇතුළු පිරිසක් හදිසියේම කටුනායක ගුවන්තොටුපළින් විදේශගත වී ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් මීට දින 04කට පමණ පෙර රටින් පිටවී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා 20දා අලුයම ඩුබායි රාජ්‍යය වෙත පිටත්ව ගිය බව ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරියෙක් සඳහන් කළේය.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකානු ඩොලර් 206ක මුදලක් ගෙවා ගුවන්තොටුපළ රන් මාවත පර්යන්තයේ පහසුකමද ලබාගෙන ඇත. ඔහු ඩුබායි වෙත ගොස් ඇමෙරිකාව බලා යනු ඇතැයි ගුවන්තොටුපළ ප්‍රකාශකයෙක් කීය.

අනික් රාජපක්ෂවරයාගේ දරුවන්, නැන්දණිය ඇතුළු පිරිස 20දා උදෑසන එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි වෙත පිටත්ව ගොස් තිබිණි. ඔවුහු ඇමෙරිකානු ඩොලර් 52 බැගින් ගෙවා සේද මාවත පර්යන්ත පහසුකම් ලබාගෙන ගුවන් යානය වෙත පිවිස ඇත.

එම පිරිසද ඩුබායි හරහා ඇමෙරිකාව වෙත යනු ඇතැයි ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ටී. කේ. ජී. කපිල

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website