සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 13:51

අමාත්‍යංශ 15කට ජනපතිගෙන් ගැසට් නිවේදනයක් Featured

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කැබිනට් අමාත්‍යංශ 15ක් සඳහා විෂයයන් හා කාර්යයන් සහ දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා පැවරීමට අදාල ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම කැබිනට් අමාත්‍යංශ වලට අදාල විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා සංස්ථා සඳහන් කර තිබේ. ගැසට් කර ඇති අමාත්‍යාංශ 15 මෙසේය. ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, කෘෂිකර්මය, ඉඩම්,පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, අධිකරණය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා,පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,වෙළෙද,වානිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා,සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය,මහජන ආරක්ෂක අමාද, විදේශ කටයුතු හා,පරිසර, වනජීවී,වන සම්පත්,ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය ලෙසිනි.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website