සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2024 13:55

තානාපති සේවයේ දේශපාලන ඥාති හිතවතුන් සියලු පත්වීම් අවලංගුයි.. වහාම ආපසු කැදවයි… Featured

ශ්‍රී ලංකා රජයේ විදේශ තානාපති කාර්යාල සේවාවන්ට පත්කර ඇති සියලු දේශපාලන පත්වීම් වහාම අවලංගු කර ඔවුන් මෙරටට ආපසු කැඳවීමට ජනාධිපති අනුර දිසානායක මහතා තීරණය කර තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ගේ ඥාතීන් හිතවතුන් ඇතුළු බොහෝ ඇතුළු පිරිස් මෙලෙස දේශපාලන පත්කිරීම් ලැබ එම රටවලට ගොස් සිටී.

ඔවුන් කිසිදු රාජතාන්තික දැනුමක් හෝ පළපුරුද්දක් සහිත අය නොවන බවද හෙලි වී ඇත.

එවන් පත් කිරීම් විදේශ තානාපති කාර්යාල වලට කිසිදු ප්‍රයෝජනයක් නොවන බවද විදේශ සේවයේ නිලධාරින් පෙන්වා දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී මෙම දේශපාලන හිතවත්කම් මත සිදුකර ඇති සියලු පත්කිරීම් අහෝසි කර එම පුද්ගලයන් මෙරටට කැඳවීමට නියමිතව ඇත.

CN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website