ඉරිදා, 29 සැප්තැම්බර් 2024 11:47

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ Featured

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඊයේ (28) මධ්‍යම රාත්‍රී විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව සඳහන්ය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 387,648ක් පාසල් අයදුම්කරුවන් වෙයි.

65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

DMN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website