සදුදා, 30 සැප්තැම්බර් 2024 11:46

ඉන්දීය ආරක්ෂක උපකරණ අපනයනය ඉහළට Featured

2023-24 මූල්‍ය වර්ෂයේදී රටවල් 90කට වැඩි සංඛ්‍යාවකට අපනනයනය කිරීමෙන් ඉන්දීය ආරක්ෂක උපකරණ නිෂ්පාදනය වාර්තාගත අයුරින් ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි එරට ආරක්ෂක ඇමැති රජ්නාත් සිං ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ආරක්ෂක ඇමැති මේ අදහස් පළ කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂය ඇතුළු සන්ධාන රජය යටතේ ක්‍රියාත්මක වන ‘Make in India‘ නමැති වැඩසටහනේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම වසර 10 තුළ විවිධ අංශවල කඩඉම් පසු කිරීමට ඉන්දියාව සමත්වූ බවත්, ඒ යටතේ ආරක්ෂක අංශය කැපී පෙනෙන ගෝලීය ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් ඉන්දීය ආරක්ෂක ඇමැති සඳහන් කළ බව වාර්තා වේ.

ගතවූ මූල්‍ය වර්ෂයේදී පළමු වරට ආරක්ෂක උපකරණ අපනයනයෙන් රුපියල් කෝටි විසිඑක්දහසක ආදායමක් උපයා ගැනීමට ඉන්දියාව සමත්වී ඇතැයි ද, වසර 5ක් ඇතුළත එම ආදායම රුපියල් කෝටි පනස්දහස ඉක්මවා යෑම ඉන්දියාවේ ඉලක්කය බවට පත් වී ඇතැයිද එරට මාධ්‍ය සඳහන් කළේය.

DN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website