බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2024 14:20

ඉන්දියාවේ ලඩාක් අගනුවර ධර්මපාල පිළිරුවක් ස්ථාපනය කෙරේ Featured

බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ  ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ.

ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත් අනගාරික ධර්මපාල ප්‍රතිමාව ස්ථාපිත කිරීමේ උත්සවය පසුගියදා (සැප්.30) ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ලඩාක් ජාත්‍යන්තර මහාබෝධි මධ්‍යස්ථානයේ නිර්මාතෘ අතිපූජ්‍ය සංඝසේනා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරින.

ලඩාක් හි පිහිටි මහාබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ  පිහිටුවන ලද බුද්ධ උද්‍යානයේ   ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබ ඇත.

මෙහි දී බානගල උපතිස්ස නා හිමියන්ට ලඩාක් මහා බෞද්ධ  විහාරයේ සහ ලඩාක් මහබෝධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඉහලම ගෞරව උපහාර තිළිණ ප්‍රදානෝත්සවයක් ද එම පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි, ලඩාක් මහාආරාමයේ විහාරාධිපති අතිපූජ්‍ය රිම්පෝචේ ඉන්දීය මහාබෝධි සංගමයේ හිටපු මහ ලේකම් සාරානාත් විහාරාධිපති අතිපූජ්‍ය දොඩම්ගොඩ රේවත හිමි, බැංගලෝර් මහාබෝධි මධ්‍යස්ථානයේ  පූජ්‍ය ආනන්ද හිමි, යන ස්වාමීන් වහන්සේලා ද බෞද්ධ බැතිමතුන් අති විශාල ප්‍රමාණයක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website