සෙනසුරාදා, 04 මාර්තු 2023 10:30

කොළඹ 07 ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 24ක ජල කප්පාදුවක් Featured

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පස්වරු 2 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11 යන ප්‍රදේශවලට හෙට (05) පස්වරු 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

කඩුවෙල , කොළොන්නාව නගර සභා ප්‍රදේශය , වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත ප්‍රදේශ වලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ලබන අතර මාළිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුතු ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළේය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website