සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2024 18:12

IMF ක්‍රියාවලිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් Featured

ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ, ඒ පිළිබඳ නිල තහවුරු කිරීම නිල ණයහිමියන්ගේ කමිටුවෙන් ලද බවයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹි බව පසුගිය සැප්තැම්බර් 19 වැනිදා නිවේදනය කෙරිණි.

ඒ අනුව නිල ණයහිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය ඊයේ (04) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව මේ අනුව සමත් ව තිබේ.

මුදල් අමාත්‍යාංශය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ලබාදුන් සහායට සියලු ණය හිමියන්ට, නිල ණයහිමියන්ගේ කමිටුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිය පළ කරන බවයි.

(adaderana.lk)

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website